ස්පින්ක්සය ~Sphinx~
ගීසාහි ඇති මෙම සුවිශේෂි නිර්මාණය
මිනිස් හිසක් සහිත සිංහ රුව ස්පින්ක්සය (sphinx) නොමැති නම්
නරසිංහයා ලෙසින් හඳුන්වයි. එසේම එයට “ පිරමීඩ වල ආරක්ෂකයා“ යන අනුවර්ථ
නාමයද පටබැදි ඇත . ඒ කෙසේ නමුත් මෙම
පිළිරැව සම්බන්දයෙන් ඇති තවත් මතයක් නම් එය “සප්ත සෘෂිවරයන්ගේ අධිපතියා“ ( lord of setpets ) සංකේතවත්
කරන පූජනීය වස්තුවක් බවයි. ඒසේම සමහරුන් පවසන්නේ
එය හිරැ දෙවින්ගේ පිළිරුවක් බවයි. පිරමීඩ සහ ඒ අසල ඇත් අවශේෂ ඉදිකිරිම් වල ඉතිහාසය වසර පන්දහසක්
පමණ ඈතට දිවයන බව දැනට පිළිගැනෙන මතය වන නමුත් ස්පින්ක්සයෙහි වයස ඊට වඩා වැඩි වන බව
පෙනී ගොස් ඇත .
තනි හුනුගලින් නෙළන ලද ප්‍රතිමාවක්
වන මෙහි උස 65 වන අතර දිග අඩි 240 කි.
“සුසානයේ දෙවියා“ යන අනුවර්ථ නාමයෙන්ද
හැදින්වෙන මෙම පිළිරුව ක්ෂිතිජයට ඉහළින් වැඩ සිටින හිරු දෙවියන් නිරූපණය
කරන බවද විශ්වාසයක් පවති. ස්පින්ක්සයේ දික් අක්ෂය හරියටම නැගෙනහිර සහ බටහිර
දිශාවන් ඔස්සේ දිශානතව පවතින අතර ගීසා සානුවට වැටෙන පළමු අරැනැල්ළ වැටෙන්නේ එහි මුහුණට බව පෙනේ.1992 දි මේ පිළිබඳ
අධ්‍යයනයක යෙදුනු ඊජිප්තු වේ ජොන් ඇන්තනි වෙස්ට් සහ බොස්ටන් විශ්ව විද්‍යාලයේ භූ
විද්‍යාඥ රොබට් ස්කොච් ස්පින්ක්සය පිහිටි
බිමේ දෙවන පස් ස්ථරය පිරික්සිමෙන් පසුව නිගමනය කලේ මෙම පිළිරුව නියත වශයෙන් ම වසර
7000 සිට 9000 ක් දක්වා ( 5000-7000 – bc ) වු වකවානුවක දි නිර්මාණය කර ඇති බවයි. කෙසේ
වෙතත් මෙය කිහිපවරක්ම අරාබි කාන්තාරයෙන්
ගසා ගෙන එන සිහින් වැල්ලේ වැසිගොස් තිබෙන අතර ඛෆ්‍රි රජතුමා මෙය මුලින්ම නිරාවරණය කිරිමේ කටයුතු ආරම්භ කර
ඇති අතර ඔහු සිතු තරම් පහසු කාර්යයක් නොවීය. නිරාවරණය කර ටික කලක් ගත වන විට යලිත් එය වාලුකා ස්තරයෙන් වැසි ගොස් ඇත. වරින්
වර රාජකීයන් විසින් එය හත් වතාවක්
වැල්ලෙන් ගොඩ ගෙන ආරක්ෂා කිරිමට
උත්සහ කර ඇති බව සඳහන් වේ. කෙසේ
නමුත් අවසානයේදි හතරවන තුත්මොසිස් රජු විසින් ස්පින්ක්සය වටා
ගඩොල් බැම්මක් ඉදි කිරිමෙන් පසු එය වැල්ලට යට විම නතර වි ඇත.
ආර්.
පි. සමරසිංහ මහතාගේ ලිපි සහ අන්තර්ජාලයේ ලිපි
අනුසාරයෙන්
Comments
Post a Comment