Skip to main content

සොලියස් මැන්ඩිස්


              සොලියස්  මැන්ඩිස්

            

                  1897 ජුනි 17 වෙනි දින මහවැව  දි උපත ලද මෙතුමා මහවැව  පුදේශයේ විසු  වෛද්‍යවරයෙකුගේ පුත්‍රයෙකි.සොලියස් මෙන්ඩිස් මහතා මාදම්පේ ක්‍රිස්තියානි පාසලෙන් 7 වන පංතිය දක්වා ඉගෙන ගෙන පසුව වීරහේන විද්‍යාරතන පිරිවෙනින් පාලි , සංස්කෘත භාෂා පිළිබඳ  හැදෑරුවේය.

                   ඒතුමාගේ ඥාතියෙකු වන මෙමෝනිස් ද සිල්වා  නැමැති විහාර සිතුවම් ශිල්පියා  හරහා බිතු සිතුවම් නිර්මාණයට යොමුවිය. සිතුවම් කලාවට  තදින් සිත  ඇදි ගිය  සොලියස් මැන්ඩිස්  දැඩි කැපවිමන් යුතුව  බිතු සිතුවම් කලාව හැදෑරුවේය. මුල් කාලයේදි  බටහිර  සිතුවම් වල ආභාසය තිබුනද  පසුව පෙරදිග සිතුවම් වල සාම්ප්‍ර‍දායිකලක්ෂණ සමඟ මුසු වෙමින්  ඔහුටම ආවේණික වු සිතුවම් සම්ප්‍ර‍දායක් ගොඩ නගා ගන්නට සමත් විය.

v කැළණි විහාරයේ  සිතුවම්


 

             විහර බිතු සිතුවම් කලාවේ මහ පෙරලියක් ඇති කළ කලා කෘතින් ලෙස  සොලියස් මැන්දිස් මහතා කැළණි විහාරයේ අඳින ලද බිතු සිතුවම් හැඳින්විය හැක.  කැළණි විහාරයේ නව මන්දිරය කරවන ලද විජේවර්ධන  පවුල විසින් එම මන්දිරයේ  සිතුවම් ඇදීම සඳහා එවකට පෙරදිග  සිතුවම් සම්ප්‍ර‍දායය පිළිබඳ  උනන්දුවක් දැක් වු විහර බිතු සිතුවම්  ශිල්පියෙකු වන සොලියස් මැන්ඩිස් මහතා වෙත භාර දෙන ලදී .

       එතුමා කැළණි  විහරයේ  සිතුවම්  ඇදිමට  පෙර ඉන්දියාවට ගොස්  අජන්තා එල්ලෝරා  භාග්  ආදි  ස්ථානවල ඇති සිතුවම් නරඹා  පෙරදිග කලාව පිළිබඳ ගැඹුරු  අධ්‍යයනයක් කර ඇත.

        පෙර දිග සිතුවම් සම්ප්‍ර‍දායේ  පිළිබඳ විශිෂ්ටයෙකු වන  ඉන්දියානු චිතු ශිල්පි‍ නන්දලාල් බෝස් මහතාගේ ඇසුරද කැළණි විහර‍යේ  සිතුවම් නිර්මාණය සඳහා  මෙතුමාට වැදගත් විය

                                                                                                                                                                                                                                                         

v කළණි බිතු සිතුවම් වල විශේෂ ලක්ෂණ


 

               බිතු සිතුවම් වර්ණ ගැන්විම  සඳහා සොලියස් මැන්ඩිස් ශිල්පියා  ස්වභාවික පරිසරයෙන් සොයා ගත් අමූ දව්‍ය යොදා ගෙන තිබුනි. ඒව නම්

·         හිරිගල්

·         මකුළු මැටි

·         කටු නෙ‍රෙංචි

·         මදටිය කොළ

·         පාට බොරළු

·         නිල් අවරිය කොළ

·         සාදිලිංගම්

 

             මෙවැනි ස්වභාවික කඅම මගින් , වර්ණ බිත්තිය මත දැඩිව සම්බන්ද කර ගැනිමත්  කාලයක් යන තුරු වර්ණ වල වෙනසක් ඇති  නොවිමත් අපේක්ෂා කොට ඇත.

              සොලියස් මැන්ඩිස් මහත්  වසර 18 ක් තිස්සේ  කැළණි විහරගේ අඳින ලද බිතු  සිතුවම්  ආමන්ත්‍ර‍ණය  කරන්නේ නරඹන්නාගේ අධ්‍යාත්මයටයි.ජීවයෙන් පිරුණු රේඛාව හා නිවි සැනසුන වර්ණ මාලාව අප සිත් සතන් සන්සුන් කරවන්නේ  පෙර දිග සිතුවම්  කලාවේ මහිමය ලොවට ම කියාපාමිනි.

සොලියස් මැන්ඩිස්  ශිල්පියා විසින් සිතුවම් අඳින ලද වෙනත් විහාර

·         ගිරිඋල්ලේ මැද්දේපොළ විහාරය

·         රණස්ගල්ල විහාරය

·         හබරාදුව පිටිදූව කැලණිගොඩ විහාරය

·         පොළොන්නරුව ශ්‍රි ජයමහ විහාරය

·         මල්වාන ලෙනගමිපොළ රජමහ විහාරය

 

පස් පව් වලින් වෙන්  වු ඉතා දැහැමි ජීවිතයක් ගත කල මේ කලා කරුවාමහ වැව ප්‍රදේශයේ තමාට අයත්ය තිබු නිවස නෙත් අඳ අය සඳහා පරිත්‍යාග කල ඔහු  ජිවිතයේ අවසන් කාලය උපාසක ස්වභාවයෙන් නිහඩ ජිවිතයක් ගත කල ඔහු September 1, 1975 මෙ ලොවින් සමු ගත්‍ෙත්ය. අවසන් කටයුතු ඔහුගේ ඉල්ලීම අනුව  අප්‍ර‍සිද්ධියේ සිදු කරන ලදි.

Comments

Popular posts from this blog

අශ්වයා ( Horse )

           අශ්වයා             horse Scientific name : Equus caballus පැයයට කිලො මිටර් 60 වඩා වේගයකින් දිව යා හැකි  සතෙකු වු අශ්වයාගේ පාද දිගය , සිහින්ය . එහෙත් ඉතා ශක්තිමත්ය. ගෙලෙහි උඩු පැත්තේ දිග ලෝම තීරුවක් ඇත. දිගු රෝමවලින් පිරි වලිගයක් ඇත.  අවුරුදු 25 -30 අතර ජිවිත කාලයක් හිමි මෙම සත්වයා උතුරු ඇමරිකාවේ ජනිත වි පසුව ආසියාව, යුරෝපය හා  අප්‍රිකාව යන මහාද්වීපය වලට පැතිර ගිය සතෙකි. අතිතයේ සිට ලොව බොහෝ රටවල අශ්වයන් හීලෑ කොට  පිටේ යාම  ආදි නොයෙක්  මෙහෙවර සදහා යොදා ගනු ලැබේ . එහෙත් තවමත් වනගතව  වසනඅශ්ව වර්ග රාශියක් සිටිති. ශාක භක්ෂකයෙකු වන අශ්වයා තණකොළ ,ශාකවල පත්‍ර‍හා දලු ,පිදුරු හා ධාන්‍ය වර්ග  ආහාර සේ ගනි . ගැහැනු සතා වරකට එක පැටවකු ප්‍ර‍සූත කරයි . මෙම සත්වයා කිරි බී වැඩේ . එමෙන්ම හොදින් වැඩුනු අශ්වයෙකු බිම සිට හාස දක්වා උස සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ වේ. එමෙන්ම වැඩුනු අශ්වයෙකු කිලෝ ග්‍රෑම් 380 - 1000 ත් අතර වේ. පොනින් නමින් හදුන්වනු ලබන ක ප්‍ර‍මාණයෙන් කුඩා  අශ්ව ව්ගයක්ද සිටිති.   අශ්ව සහ පොනින් වර්ග 350 කටත් අදික ප්‍ර‍මාණයක්  ලොව තුල ජිවත් වේ.....   

දිය බල්ලා (OTTER)

        දිය බල්ලා                  OTTER වැඩි පුරම ජලයේ ගැවසෙන මුත් දිය ගොඩ දෙකෙහිම  වාසය කල හැකි දිය බල්ලා ඕස්ට්‍රේලියාවේ පමණක් දක්නට නැති වුවද අනෙක් බොහො රටවල ගංගා කලපු ආශ්‍රිතව ජිවත් වේ. මෙම සත්ත්වයා සිව්පාවෙකු වුවද පසුපාද හා වලිගය උපකාර කරගෙන සිරුර කෙළින් කර සිට ගත හැකිය.  මෙම සත්ත්වයාගේ හිස උල්ය , කට දෙපැත්තේ රළු රැවුල් ගස් ඇත. ශක්තිමත් නියපොතු , අත් හා පාදවල පිහිටා ඇත . කන්දෙක කුඩා මෙන්ම රවුම්ය. නාසය වලසකුගේ මෙනි. දිය බල්ලා ගේ ආහාරය වන්නේ මාළුන් , කකුළුවන් හා ගෙම්බන් ආදි සතුන් .මෙම සත්ත්වයා නිවහන ලෙස දිය යට ගුහවක් සදා ගනි.....

අල්බට් අයින්ස්ටයි ( albert einstein )

                             අල්බට් අයින්ස්ටයි                                          සුප්‍රකට විද්‍යාඥයා                                                                       1879   - 1955                  The most beautiful thing we can experience is the mysterious. It is the source of all true art  and science.       -   albert einsteint                          1879   මාර්තු   14   වනදා ජර්මනියේ උල්මි නුවර විසු හර්මන් සහ පොලින් යුවලට පුතෙකු ලැබිණි. තම පුතු නිතර ලෙඩ වීම යුදෙවි යුවලට බලවත් මානසික වෙදනාවක් වීය. ඇල්බට් නමි වූ මේ කුඩා දරුවා වැඩි වශයෙන් කාලය   ගත ක‍රේ ලෙඩ ඇඳෙහිය.          දිනක් ලෙඩ ඇඳෙහි ගත කල තම පුතුට හර්මන් විසින් අපුරු තෑග්ගක්   ගෙන ආවේය. ඒ උතුරු කටුවක් හෙවත් හෙවත්   මාලිමාවකි. මේ කුඩා දරුවා තමාට ලැබුණු තෑග්ග ඒ පැත්තට මේ පැත්තට හරවමින් පරික්ෂා කලේය. ඒත් කටුව හැරි තිබෙන්නේ උතුරු දිශාවටමය. මේ සිදුවිම කුඩා ඇල්බටිගේ සිත ශක්තිමත් කලේය. ඔහු තව තවත් කල්පනා කලේය. අහස හෝ පොළව මේ සිදුවිම කෙරෙහි යම් බලපෑමක් දක්වන බවට ඇල්බටි සැක කලේය. අයින්ස්ටයින්ට පොළව හා