Skip to main content

Posts

Showing posts with the label natural

මොකද්ද මේ දිය ඇල්ලක් කියන්නේ ?.......

                      මොකද්ද මේ දිය ඇල්ලක් කියන්නේ ?.......  උස් ස්ථානයක සිට පහළට නොකඩවා ඇද හැලෙන ජල ධාරවකින් දිය ඇල්ලක්  නිර්මාණය වෙනවා. ඒ නිසා ජල ධාරාවක ක්‍රියාකාරීත්වයෙන් සෑදෙන භූ විද්‍යාත්මක නිර්මාණයක් ලෙස දිය ඇල්ලක් හැදින්විය හැකියි. සාමාන්‍ය ලෙස ගලා යන දිය පහරක් ඛාදනය වීමෙන් හෝ කැඩී යාමෙන් වෙන් වූ පාෂාණ කොටසකින් එක් විටම පහළට ඇද වැටීමෙන් දිය ඇල්ලක් නිර්මාණය වේ. දිය ඇල්ලක් ඉහළ සිට පහළට ඇද හැලෙන ආකාරය අනුව එහි අලංකාර බව වෙනස් වේ. දිය ඇල්ලක් නිතරම දැඩි පාෂාණ පිහිටි ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වේ. එමෙන්ම  දීර්ඝ කාලයක් ඛාදනය වීම හේතුවෙන් එම පාෂාණය ගෙවි යාමෙන් ජල ධාරාව  ඒ තුළින් පහලට  කඩා හැලේ.    එවිට හමුවන මෘදු පාෂාණ ස්ථරයද ඛාදනය කරමින් එම ජල දහරාව තවත් පහළට කඩා හැලෙන අතර ඒ ආකාරයට  දිය ඇල්ලක උපත සිදු වේ. පහළට ඇදවැටෙන ජල දහරාවට අතර මගදි තවත් දැඩි පාෂාණ හමු වූ විට ඉහළින් වැටෙන ජල පහර ඒ මත...