මොකද්ද මේ දිය ඇල්ලක් කියන්නේ ?.......
දිය ඇල්ලක් නිතරම දැඩි පාෂාණ පිහිටි ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වේ. එමෙන්ම දීර්ඝ කාලයක් ඛාදනය වීම හේතුවෙන් එම පාෂාණය ගෙවි යාමෙන් ජල ධාරාව ඒ තුළින් පහලට කඩා හැලේ. එවිට හමුවන මෘදු පාෂාණ ස්ථරයද ඛාදනය කරමින් එම ජල දහරාව තවත් පහළට කඩා හැලෙන අතර ඒ ආකාරයට දිය ඇල්ලක උපත සිදු වේ. පහළට ඇදවැටෙන ජල දහරාවට අතර මගදි තවත් දැඩි පාෂාණ හමු වූ විට ඉහළින් වැටෙන ජල පහර ඒ මතට වැටීඉන් පසුව පහළට ඇද හැලේ.කොටස් ගණනකින් යුත් අලංකාර දිය ඇල් නිර්මාණය වන්නේ ඒ ආකාරයටයි.
Comments
Post a Comment