Dolphin නම ඇසෙන විට අපේ මතකයට නැගෙන්නේ ඉතා සුරතල් , කෙළිලොල් එසේම බුද්ධිමත් සත්තවයෙකි . එය සැබෑවක් වුවද ඔවුන්ගේ නියම ස්වභාවය අනුව නම් මෙම සත්තවයා අති දක්ෂ බිහිසුනු විලෝපීන් ලෙස හැදින්වීමට සිදුවේ. සියලුම ඩොල්ෆින් වර්ග සිටෙසියා (cetacea) නම් ගෝත්‍රයේ සදන්ත ( odontoceti ) නම් උප ගෝත්‍රයට අයත් වේ. වර්තමානය වන විට ඩොල්ෆින් විශේෂ 40 ක් පමණ අපට දැක ගත හැකිය. මාංශ භක්ෂකයන් වු මෙම සතුන් විවිධාකාර සාගරික සත්ත්ව වර්ග ආහාරය කර ගන්නා සාමූද්‍රිය විලෝපීහුය. මිරිදියෙහි වසන ඩෝල්ෆින් වර්ග කිහිපයක් ඇතත් ඩොල්ෆින් ප්‍රජාවගෙන් වැඩි පිරිසක් ලොව පුරා සාගර සහ මුහුදු වල ම වාසය කරති. 1. බොට්ල්නොස් ( උතුරැ අත්ලාන්තික් , පැසිෆික් සාගර හා මධ්‍ය ධරණි මුහුද) bottlenose dolphin 2. සුලභ ඩොල්ෆින්( උණුසුම් සෞම්‍ය කලාපීය මුහුදු) ...