Skip to main content

dolphin



                    Dolphin නම ඇසෙන විට අපේ මතකයට නැගෙන්නේ ඉතා සුරතල් , කෙළිලොල්  එසේම බුද්ධිමත් සත්තවයෙකි . එය සැබෑවක් වුවද ඔවුන්ගේ  නියම ස්වභාවය අනුව නම් මෙම සත්තවයා අති දක්ෂ  බිහිසුනු විලෝපීන් ලෙස හැදින්වීමට සිදුවේ. සියලුම ඩොල්ෆින් වර්ග සිටෙසියා (cetacea) නම් ගෝත්‍රයේ සදන්ත ( odontoceti ) නම් උප ගෝත්‍ර‍යට අයත් වේ. වර්තමානය වන විට ඩොල්ෆින් විශේෂ  40 ක් පමණ අපට දැක ගත හැකිය.  මාංශ භක්ෂකයන් වු මෙම සතුන් විවිධාකාර සාගරික සත්ත්ව වර්ග ආහාරය  කර ගන්නා සාමූද්‍රිය විලෝපීහුය. මිරිදියෙහි වසන ඩෝල්ෆින් වර්ග කිහිපයක් ඇතත් ඩොල්ෆින් ප්‍ර‍ජාවගෙන් වැඩි පිරිසක්  ලොව  පුරා  සාගර සහ මුහුදු වල ම  වාසය කරති.

1.       බොට්ල්නොස් ( උතුරැ අත්ලාන්තික් ,  පැසිෆික් සාගර හා මධ්‍ය ධරණි මුහුද)

bottlenose dolphin
 

2.       සුලභ ඩොල්ෆින්( උණුසුම් සෞම්‍ය කලාපීය මුහුදු)





        3.       ස්පිනර්  ඩොල්ෆීන් (ගැඹුරු නිවර්තනික සාගර)





 

4.       ඔර්කා හෙවත් මාරක තල්මසා (මෙම නමින් හැඳින්වුවද මේ සත්තයා සැබැවින්ම ඩොල්ෆිනෙකි , ධ්‍රැව ප්‍රදේශ  හා නිවර්තනික සාගර)


 
 
 

 


 

අධික වේගයකින් ඉතා දිග දුර පිහිනා යා‍මේත්,  ගැඹුරු සාගරයෙහි  කිමිදිමෙත් සමත් මෙම සතුන්ගේ සාමාන්‍ය වේගය පැයට කිලෝ මිටර් 30ක් ද කිමිදිය හැකි ගැඹුර මිටර් 350 ක් ද පමණ  වේ. මෙම සත්ත්වයා හට මිනිත්තු හතක් පමණ කාලයක් හුස්ම සිර කරගෙන සිටිය හැකිය.

 

ඩොලිෆිනුන් වාසය කරන්නේ වෙරළා සන්න මුහුදේ කුඩා කණ්ඩායම් වශයෙනි. ගැඹුරු සාගරයේදී  වැඩි පිරිසකින්  සමන්විත වු රංචු වශයෙන්  වාසය කරයි. එම රංචුවක විශාලත්වය  තීරණය වන්නේ  දඩයම් කරනු ලැබිමට සිටින  ගොදුරු වල පුමාණය අනුවයි. ............

Comments

Popular posts from this blog

අශ්වයා ( Horse )

           අශ්වයා             horse Scientific name : Equus caballus පැයයට කිලො මිටර් 60 වඩා වේගයකින් දිව යා හැකි  සතෙකු වු අශ්වයාගේ පාද දිගය , සිහින්ය . එහෙත් ඉතා ශක්තිමත්ය. ගෙලෙහි උඩු පැත්තේ දිග ලෝම තීරුවක් ඇත. දිගු රෝමවලින් පිරි වලිගයක් ඇත.  අවුරුදු 25 -30 අතර ජිවිත කාලයක් හිමි මෙම සත්වයා උතුරු ඇමරිකාවේ ජනිත වි පසුව ආසියාව, යුරෝපය හා  අප්‍රිකාව යන මහාද්වීපය වලට පැතිර ගිය සතෙකි. අතිතයේ සිට ලොව බොහෝ රටවල අශ්වයන් හීලෑ කොට  පිටේ යාම  ආදි නොයෙක්  මෙහෙවර සදහා යොදා ගනු ලැබේ . එහෙත් තවමත් වනගතව  වසනඅශ්ව වර්ග රාශියක් සිටිති. ශාක භක්ෂකයෙකු වන අශ්වයා තණකොළ ,ශාකවල පත්‍ර‍හා දලු ,පිදුරු හා ධාන්‍ය වර්ග  ආහාර සේ ගනි . ගැහැනු සතා වරකට එක පැටවකු ප්‍ර‍සූත කරයි . මෙම සත්වයා කිරි බී වැඩේ . එමෙන්ම හොදින් වැඩුනු අශ්වයෙකු බිම සිට හාස දක්වා උස සාමාන්‍යයෙන් මීටර් 2...

අල්බට් අයින්ස්ටයි ( albert einstein )

                             අල්බට් අයින්ස්ටයි                                          සුප්‍රකට විද්‍යාඥයා                                                                       1879   - 1955                  The most beautif...

දිය බල්ලා (OTTER)

        දිය බල්ලා                  OTTER වැඩි පුරම ජලයේ ගැවසෙන මුත් දිය ගොඩ දෙකෙහිම  වාසය කල හැකි දිය බල්ලා ඕස්ට්‍රේලියාවේ පමණක් දක්නට නැති වුවද අනෙක් බොහො රටවල ගංගා කලපු ආශ්‍රිතව ජිවත් වේ. මෙම සත්ත්වයා සිව්පාවෙකු වුවද පසුපාද හා වලිගය උපකාර කරගෙන සිරුර කෙළින් කර සිට ගත හැකිය.  මෙම සත්ත්වයාගේ හිස උල්ය , කට දෙපැත්තේ රළු රැවුල් ගස් ඇත. ශක්තිමත් නියපොතු , අත් හා පාදවල පිහිටා ඇත . කන්දෙක කුඩා මෙන්ම රවුම්ය. නාසය වලසකුගේ මෙනි. දිය බල්ලා ගේ ආහාරය වන්නේ මාළුන් , කකුළුවන් හා ගෙම්බන් ආදි සතුන් .මෙම සත්ත්වයා නිවහන ලෙස දිය යට ගුහවක් සදා ගනි.....