සොලියස් මැන්ඩිස් 1897 ජුනි 17 වෙනි දින මහවැව දි උපත ලද මෙතුමා මහවැව පුදේශයේ විසු වෛද්‍යවරයෙකුගේ පුත්‍රයෙකි.සොලියස් මෙන්ඩිස් මහතා මාදම්පේ ක්‍රිස්තියානි පාසලෙන් 7 වන පංතිය දක්වා ඉගෙන ගෙන පසුව වීරහේන විද්‍යාරතන පිරිවෙනින් පාලි , සංස්කෘත භාෂා පිළිබඳ හැදෑරුවේය. ඒතුමාගේ ඥාතියෙකු වන මෙමෝනිස් ද සිල්වා නැමැති විහාර සිතුවම් ශිල්පියා හරහා බිතු සිතුවම් නිර්මාණයට යොමුවිය. සිතුවම් කලාවට තදින් සිත ඇදි ගිය සොලියස් මැන්ඩිස් දැඩි කැපවිමන් යුතුව බිතු සිතුවම් කලාව හැදෑරුවේය. මුල් කාලයේදි බටහිර සිතුවම් වල ආභාසය තිබුනද පසුව පෙරදිග සිතුවම...