Alfred bernhard nobel
1833 - 1896
ස්වීඩනය පුරා ප්‍රචලිත විද්‍යාඥයෙකු වු ඉම්මානුවෙල් නොබෙල් ට 1833 ජනවාරි 06 වනදා සුවිශේෂිදිනයක් විය . තම බිරිඳට කුළුඳුල් පුතෙකු ලැබීමේ ප්‍රිතියෙන් ඉම්මානුවෙල් ඉපිල යෑම එයට හේතුවයි. එදින උපන් දරුවා Alfred bernhard nobel නම් විය.
තම පියා ගේ ඇවෑමෙන් විද්‍යාව ප්‍රගුණ කොට පර්යේෂණයන්හි නිරත වීමට Alfred nobel ද යොමු විය. Alfred nobel ළමා කාලයේ පටන් වඩාත් හැඟුමි බර අයෙක් විය . වහා සැලෙන හදවතකින් යුතු අයෙක් විය . ක්‍රමයෙන් තම පර්යේෂණ ක්‍රමවේදයන් දියුණු කළ Alfred nobel “ඩයිනමයිට්“ නමි රසායනිකය ලොවට හදුන්වා දුන්නේය .
ඩයිනමයිට් හදඳුන්වාදීම නිසා ලොව කීර්තියක් දිනු විද්‍යාඥයින් අතරට “Alfred bernhard nobel“ නාමයද ඇතුළත් විය. ඒ වෙනුවෙන් විශාල ආර්ථික ප්‍රථිලාබ ලැබිණ. එයින් ලද මුදල් සමිභාරය අති මහත් විය. ඩයිනමයිට් සොයා ගැනිම වෙනුවෙන් නොබෙල් මහතා කළ කැප කිරිම මිළ කළ නොහැකි විය. එහෙත්නොයෙකුත් අන්දමින් අයතා ක්‍රියා සදහ ඩයිනමයිට් භාවිතා කරනු දුටු ඔහු තම සොයා ගැනීම ගැන පසුතැවිලි වන්නට විය .
ප්‍රකට විද්‍යාඥයෙක් ලෙස ඔහුගේ සොයා ගැනිම ගැන ආඩම්බරම පසෙග තබා තමාගෙ සොයගැනිම , මානවයගේ නොයෙකුත් විනාශකාරී වැඩ කටයුතු සඳහා යොදා ගැනීම ගැන ඔහු නිතර නිතර කම්පා විය. ජීවිතය පුරාම කලකිරිම දෝංකාර දෙන්නට විය.
මේ නිසාම 1890 දි සිය අන්තිම කැමති පතුය ලියමින් තමාට ලෝකයෙන් පව් සමා කර ගැනිමේ වැනි බලාපොරොත්තුවක් ඔහුට ඇති විය.
ඩොලර් 9,000,000 පමණ වු සිය වත්කම අනුව ඉන් ලැබෙන පොළිය වාර්ෂිකව මානව සංහතියේ වර්ධනය සඳහා කැපවෙන්නන් වෙනුවෙන් ත්‍යාග පිරි නැමිම සඳහා වෙන් කෙළේය. සුප්‍රට නොබෙල් ත්‍යාගයේ ආරම්භය එලෙස විය.
නොබෙල් ත්‍යාගය ලැබීම අද , ලොව විශාලතම ගෞරවය ලෙස සලකයි. එය ලොවට දායාද කළ නොබෙල් මහතා තම ජීවිතයේ ඇති වූ කල කිරිම හේතුවෙන් මිය යන තෙක්ම තනිකඩ දිවියක් ගත කළේය. සූප්‍රට නොබෙල් තයාගය මේ වන විට ලොව විෂයන් පහකින් විශීෂ්ටත්වයට පත්වන පුද්ගලයන් පස්දෙනෙකුට වසරකට වරක් බැගින් පිරිනැමේ.
- භෞතික විද්‍යාව
- රසායන් විද්‍යාව
- වෛද්‍ය විද්‍යාව
- සාහිත්‍ය
- සාමය
Comments
Post a Comment