චාල්ස් ඩාවින්
පරිනාමවාදයේ පියා
A man who dares to waste one hour of time has not discovered the value of life. - charles darwin
කුඩා කාලයේ පටන්ම ස්වභාවික පරිසරයේ
සිදුවීම් තම සියුම් නිරීක්ෂණයට හසු කර ගත්
චාල්ස් ඩාවින් 1809 පෙබරවාරි
12 වනදා එංගලන්තයේ දි උපත ලැබුවාය. කුඩා දරුවෙකු වයසේ
පටන් ඔහු අවට පරිසරය, පක්ෂින් , කෘමින් ආදීන්ගේ සියලු හැසීරීම් රටාවන් හොදින්
පරික්ෂා කලේය. ඒ ගැන තොරතුරු රැස් කළේය.
පරිසරයේ ඇති කුරුළු පිහටු , සිප්පි කටු වැනි දේ එක්රැස් කරමින් තම අධ්‍යයනයන්
දිගටම පවත්වාගෙන ගියේය. සොබාදහම තුළ සිදුවන සමස්ත ක්‍රියාදාමය පිළිබඳව ගැඹුරින්
අධ්‍යනයක යෙදුනු බැවින් අවසානයේ ස්වභාවික පරිණාමය නම් තම මතය ලොවට ප්‍රකාශ කළේය.
ඉරෙමස් ඩාවින් නම් වු ඔහුගේ වෛද්‍යවරයෙකි . සීයා
කීර්තිමත් භෞතික විද්‍යඥෙයෙකි. ඒ නිසාම කුඩා ඩාවින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් විමට
ඉඩ හැරිම ඩාවින්ගේ පියාට හිසරදයක් විය. පවුලේ බලාපොරොත්තුව වුයේ ඩාවින් දරුවාද
වෛද්‍යවරයෙකු වනු දැකීමය. ඒ සඳහා 1825
දි එඩින්බරෝ විශ්ව විද්‍යාලයට ඇතුළත්
කලද ඩාවින් ගේ ස්වභාවික නිරික්ෂණ කටයුතු නිසා
දෙමාපිය බලාපොරොත්තු වෙනස් කරගන්නට විය . අවම වශයෙන් පුජකවරයෙකු වනු දැකිම තවත්
බලාපොරොත්තුවක් විය. එු සඳහා අවශ්‍ය ඉංග්‍රිසි නිපුණතාව ලබාදෙනු පිනිස අදාළ කේම්බ්‍රිජ්
ආයතනයට ඇතුළු කරනු ලැබුවත් එහිදි ද ඩාවින්
සිය ගස් වැල් හා සතුන් පිළිබඳ අධයාපන කටයුතු නිසා එයද අසාර්ථක විය.
තෘණ විද්‍යාව පිළිබද
මහාචාර්යවරයෙකු වන ස්ටිවන්ස් හෙන්ස් ලෝ නම් අපූර්ව මාර්ගෝපදේශකයා ඩාවින් ගේ ගමනට පිටුවහලක් විය. ඩවින්ගේ පරික්ෂණ කටයුතු නිෂ්චිතව විධිමත්
මගක කරගෙන යාමට ස්ටිවන් සන් මඟ පෑදුවේය. ඒ මගින් 1832 දි ලොකය වටා පාරිසරික චාරිකාවක් ඇරඹු ඩාවින් දකුණු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව .
නවසීලන්තය ඇතුළු බොහෝ රටවල්හි චාරිකා කලේය . විවිධ දේශගුනික තත්ව යටතේ සත්ව ශාක පැවැත්ම පිළිබඳ
බොහො කරුණු එක්රැස් කර ගන්නට මේ චාරිකාව ඩාවින්ට පිටුවහලක් විය .
පාරිසරික ප්‍රනත් මත ශාක සතුන්ගේ පරිනාමය සිදු වන
අන්දම ඔහු හොදින් පැහැදිලි කර ගත්තේය. ජීවයේ ඒක සෛලීය බිහිවිමේ පටන් භෞමික සතුන් පරිනාමය විමෙන් මානවයාගේ
බිහිවිම දක්වා මිනිසාගේ පරිනාමික කතන්දරය
ඔහු සිය “ස්වභවික වරණවාදය“ හෙවත් ඩාවින් වාදයමඟින් ලොවට ප්‍රකාශ කලේය.
ආගමික භක්තිය මත දෙවියන් විසින් සියල්ල
මවන ලදයැයි කියු දේ බැහැර විමට ඩාවින් ගේනව අදහස ප්‍රල බලපමක් විය.
අවසානයේ දැඩි ආගමික මත ධාරි හු ඩාවින්ට විරුද්ධත්වය පළ කළහ.
“ජීවයේ
සම්භවය“ පිළිබඳ සෙවීමට සිය ජිවිත
කාලයම කැප කළ මෙම චාල්ස් රොබට් ඩාවින්
1882 අප්‍රිල් මස 19 වනදා මෙලොව හැර ගියේය.
Comments
Post a Comment