Skip to main content

අල්බට් අයින්ස්ටයි ( albert einstein )


                            අල්බට් අයින්ස්ටයි         
                              සුප්‍රකට විද්‍යාඥයා 

                                                                    1879  - 1955


               
 The most beautiful thing we can experience is the mysterious. It is the source of all true art and science.      -  albert einsteint               

         1879  මාර්තු  14  වනදා ජර්මනියේ උල්මි නුවර විසු හර්මන් සහ පොලින් යුවලට පුතෙකු ලැබිණි. තම පුතු නිතර ලෙඩ වීම යුදෙවි යුවලට බලවත් මානසික වෙදනාවක් වීය. ඇල්බට් නමි වූ මේ කුඩා දරුවා වැඩි වශයෙන් කාලය  ගත ක‍රේ ලෙඩ ඇඳෙහිය.

         දිනක් ලෙඩ ඇඳෙහි ගත කල තම පුතුට හර්මන් විසින් අපුරු තෑග්ගක්  ගෙන ආවේය. ඒ උතුරු කටුවක් හෙවත් හෙවත්  මාලිමාවකි. මේ කුඩා දරුවා තමාට ලැබුණු තෑග්ග ඒ පැත්තට මේ පැත්තට හරවමින් පරික්ෂා කලේය. ඒත් කටුව හැරි තිබෙන්නේ උතුරු දිශාවටමය. මේ සිදුවිම කුඩා ඇල්බටිගේ සිත ශක්තිමත් කලේය. ඔහු තව තවත් කල්පනා කලේය. අහස හෝ පොළව මේ සිදුවිම කෙරෙහි යම් බලපෑමක් දක්වන බවට ඇල්බටි සැක කලේය. අයින්ස්ටයින්ට පොළව හා අහස  ගැන සිතිමට පදනම වැටුනේ මෙම සිද්ධියයි.

          ඇල්බට් අයින්ස්ටයින් විසිවන සියවසේ මෙලොව ජිවත් වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා විය.  අන්තර්වාදය සොයා ගැනිම නිසා ඔහු ලොව ප්‍ර‍කට විය. 1894 වර්ෂයේදි ඔහු ස්විස්ටර්ලන්ත පුරවැසියෙකු විය . ක්‍රි. ව. 1900 දි ආචාර්ය උපාදිය ලැබු ඔහුට සුරිඩ් පොලිටෙක්නික්හි මහචාර්ය පදවිය හිමි විය.

         1914 දී අයින්ස්ටයින් බර්ලිනයේ ප්‍ර‍සියන් විද්‍යා ඇකඩමියේ මහචාර්ය පදවිය  හිමි විය. 1933 දි බලයට පැමිණියේ යුදෙව්වන්ට වෛර කරමිනි. ඒ හෙතුවෙන් ජර්මනිය අතහැර ඇමරිකාවට පැමිණි අයින්ස්ටයින් ඇමරිකාවේ නිත්‍ය පදිංචිය ලබා ගත්තේය.

          ලොව ප්‍ර‍කට “සාපේක්ෂතාවාදය“ නම් විද්‍යාත්මක සිද්ධාන්තය ඉදරිපත් කිරිම හේතුවෙන් 1921 දි භෞතික විද්‍යාව සඳහා වු නොබෙල් ත්‍යගය අයින්ස්ටයින්ට  පිරිනැමීනි. එයින් නොනැවතුන  අයින්ස්ටයින් විශ්වය හා පෘතුවිය පිළිබද  නව පර්යේෂණ රැසක් සිදුකලේය. හිරුගේ ආලොක කිරණපෘතුවියේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඉවතට ගමන් කරන්නේද කයන්න එවක සමකාලින විදයාඥයන්ට තිබු බලවත් ගැටළුවකි.මෙය න්‍යායාත්මකව හා ප්‍රායොගිකව ඔප්පු කල හැකි එකම විද්‍යාඥයා වු යේ අයින්ස්ටයින්ය. 1955 අප්‍රිල් 18 වනදා මෙම මහා විද්‍යාඥයා  ඇමරිකාවේ  ප්‍රින්ස්ටන් හිදි මිය ගියේ ලොව සියළු දෙනා කම්පාවට  පත් කරවමිනි.   

 

Comments

Popular posts from this blog

අශ්වයා ( Horse )

           අශ්වයා             horse Scientific name : Equus caballus පැයයට කිලො මිටර් 60 වඩා වේගයකින් දිව යා හැකි  සතෙකු වු අශ්වයාගේ පාද දිගය , සිහින්ය . එහෙත් ඉතා ශක්තිමත්ය. ගෙලෙහි උඩු පැත්තේ දිග ලෝම තීරුවක් ඇත. දිගු රෝමවලින් පිරි වලිගයක් ඇත.  අවුරුදු 25 -30 අතර ජිවිත කාලයක් හිමි මෙම සත්වයා උතුරු ඇමරිකාවේ ජනිත වි පසුව ආසියාව, යුරෝපය හා  අප්‍රිකාව යන මහාද්වීපය වලට පැතිර ගිය සතෙකි. අතිතයේ සිට ලොව බොහෝ රටවල අශ්වයන් හීලෑ කොට  පිටේ යාම  ආදි නොයෙක්  මෙහෙවර සදහා යොදා ගනු ලැබේ . එහෙත් තවමත් වනගතව  වසනඅශ්ව වර්ග රාශියක් සිටිති. ශාක භක්ෂකයෙකු වන අශ්වයා තණකොළ ,ශාකවල පත්‍ර‍හා දලු ,පිදුරු හා ධාන්‍ය වර්ග  ආහාර සේ ගනි . ගැහැනු සතා වරකට එක පැටවකු ප්‍ර‍සූත කරයි . මෙම සත්වයා කිරි බී වැඩේ . එමෙන්ම හොදින් වැඩුනු අශ්වයෙකු බිම සිට හාස දක්වා උස සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ වේ. එමෙන්ම වැඩුනු අශ්වයෙකු කිලෝ ග්‍රෑම් 380 - 1000 ත් අතර වේ. පොනින් නමින් හදුන්වනු ලබන ක ප්‍ර‍මාණයෙන් කුඩා  අශ්ව ව්ගයක්ද සිටිති.   අශ්ව සහ පොනින් වර්ග 350 කටත් අදික ප්‍ර‍මාණයක්  ලොව තුල ජිවත් වේ.....   

දිය බල්ලා (OTTER)

        දිය බල්ලා                  OTTER වැඩි පුරම ජලයේ ගැවසෙන මුත් දිය ගොඩ දෙකෙහිම  වාසය කල හැකි දිය බල්ලා ඕස්ට්‍රේලියාවේ පමණක් දක්නට නැති වුවද අනෙක් බොහො රටවල ගංගා කලපු ආශ්‍රිතව ජිවත් වේ. මෙම සත්ත්වයා සිව්පාවෙකු වුවද පසුපාද හා වලිගය උපකාර කරගෙන සිරුර කෙළින් කර සිට ගත හැකිය.  මෙම සත්ත්වයාගේ හිස උල්ය , කට දෙපැත්තේ රළු රැවුල් ගස් ඇත. ශක්තිමත් නියපොතු , අත් හා පාදවල පිහිටා ඇත . කන්දෙක කුඩා මෙන්ම රවුම්ය. නාසය වලසකුගේ මෙනි. දිය බල්ලා ගේ ආහාරය වන්නේ මාළුන් , කකුළුවන් හා ගෙම්බන් ආදි සතුන් .මෙම සත්ත්වයා නිවහන ලෙස දිය යට ගුහවක් සදා ගනි.....