Skip to main content

Posts

Showing posts from March, 2016

bridges built with living roots in india

In northeastern India , there are areas like Cherrapunji, one of the most rainy and humid areas of the planet. As we well exemplified in the blog, where it rains a lot (a good example is the island of Yakushima ), and high humidity, vegetation grows like mushrooms (or with fungi), and abound that compete for light and trees land in the form of roots. living root bridges human planet In the area of Cherrapunji , state of Meghalaya , the roots do not stop growing and growing. A ... nd the locals, especially the Khasi tribe, have taken advantage of the roots to build “live” bridges: double decker living root bridge shillong Sometimes I wonder which is the best article or post on my blog . To taste the colors never tell which. I have over 1700 entries very different and varied. I’d settle for having one post, as magnificent as the following . As the one with the blog ( Living root bridges ), and only one entry, but simply great and wonderful. alive Bridges made from roots in the de

dolphin

                    Dolphin නම ඇසෙන විට අපේ මතකයට නැගෙන්නේ ඉතා සුරතල් , කෙළිලොල්   එසේම බුද්ධිමත් සත්තවයෙකි . එය සැබෑවක් වුවද ඔවුන්ගේ   නියම ස්වභාවය අනුව නම් මෙම සත්තවයා අති දක්ෂ   බිහිසුනු විලෝපීන් ලෙස හැදින්වීමට සිදුවේ. සියලුම ඩොල්ෆින් වර්ග සිටෙසියා (cetacea) නම් ගෝත්‍රයේ සදන්ත ( odontoceti ) නම් උප ගෝත්‍ර‍යට අයත් වේ. වර්තමානය වන විට ඩොල්ෆින් විශේෂ   40 ක් පමණ අපට දැක ගත හැකිය.   මාංශ භක්ෂකයන් වු මෙම සතුන් විවිධාකාර සාගරික සත්ත්ව වර්ග ආහාරය   කර ගන්නා සාමූද්‍රිය විලෝපීහුය. මිරිදියෙහි වසන ඩෝල්ෆින් වර්ග කිහිපයක් ඇතත් ඩොල්ෆින් ප්‍ර‍ජාවගෙන් වැඩි පිරිසක්   ලොව   පුරා   සාගර සහ මුහුදු වල ම   වාසය කරති. 1.        බොට්ල්නොස් ( උතුරැ අත්ලාන්තික් ,  පැසිෆික් සාගර හා මධ්‍ය ධරණි මුහුද) bottlenose dolphin   2.        සුලභ ඩොල්ෆින්( උණුසුම් සෞම්‍ය කලාපීය මුහුදු)          3.        ස්පිනර්   ඩොල්ෆීන් (ගැඹුරු නිවර්තනික සාගර)   4.        ඔර්කා හෙවත් මාරක තල්මසා (මෙම නමින් හැඳින්වුවද මේ සත්තයා සැබැවින්ම ඩොල්ෆිනෙකි , ධ්‍රැව ප්‍රදේශ   හා නිවර්තනික සාගර)

සොලියස් මැන්ඩිස්

              සොලියස්   මැන්ඩිස්                                  1897 ජුනි 17 වෙනි දින මහවැව   දි උපත ලද මෙතුමා මහවැව   පුදේශයේ විසු   වෛද්‍යවරයෙකුගේ පුත්‍රයෙකි.සොලියස් මෙන්ඩිස් මහතා මාදම්පේ ක්‍රිස්තියානි පාසලෙන් 7 වන පංතිය දක්වා ඉගෙන ගෙන පසුව වීරහේන විද්‍යාරතන පිරිවෙනින් පාලි , සංස්කෘත භාෂා පිළිබඳ   හැදෑරුවේය.                     ඒතුමාගේ ඥාතියෙකු වන මෙමෝනිස් ද සිල්වා   නැමැති විහාර සිතුවම් ශිල්පියා   හරහා බිතු සිතුවම් නිර්මාණයට යොමුවිය. සිතුවම් කලාවට   තදින් සිත   ඇදි ගිය   සොලියස් මැන්ඩිස්   දැඩි කැපවිමන් යුතුව   බිතු සිතුවම් කලාව හැදෑරුවේය. මුල් කාලයේදි   බටහිර   සිතුවම් වල ආභාසය තිබුනද   පසුව පෙරදිග සිතුවම් වල සාම්ප්‍ර‍දායිකලක්ෂණ සමඟ මුසු වෙමින්   ඔහුටම ආවේණික වු සිතුවම් සම්ප්‍ර‍දායක් ගොඩ නගා ගන්නට සමත් විය. v කැළණි විහාරයේ   සිතුවම්                විහර බිතු සිතුවම් කලාවේ මහ පෙරලියක් ඇති කළ කලා කෘතින් ලෙස   සොලියස් මැන්දිස් මහතා කැළණි විහාරයේ අඳින ලද බිතු සිතුවම් හැඳින්විය හැක.   කැළණි විහාරයේ නව මන්දිරය කරවන ලද විජේවර්ධන   පවුල විසින් එම මන්දිරයේ   සිතුවම්

ස්පින්ක්සය ~Sphinx~

                                     ස්පින්ක්සය   ~Sphinx~            ගීසාහි ඇති මෙම සුවිශේෂි නිර්මාණය මිනිස් හිසක් සහිත සිංහ රුව ස්පින්ක්සය (sphinx) නොමැති නම්   නරසිංහයා ලෙසින් හඳුන්වයි. එසේම එයට “ පිරමීඩ වල ආරක්ෂකයා“ යන අනුවර්ථ නාමයද පටබැදි ඇත .   ඒ කෙසේ නමුත් මෙම පිළිරැව සම්බන්දයෙන් ඇති තවත් මතයක් නම් එය “සප්ත සෘෂිවරයන්ගේ අධිපතියා“ ( lord of setpets )   සං‍කේතවත් කරන පූජනීය වස්තුවක් බවයි. ඒසේම සමහරුන් පවසන්නේ   එය හිරැ දෙවින්ගේ පිළිරුවක් බවයි. පිරමීඩ සහ ඒ අසල   ඇත් අවශේෂ ඉදිකිරිම් වල ඉතිහාසය වසර පන්දහසක් පමණ ඈතට දිවයන බව   දැනට පිළිගැනෙන මතය   වන නමුත් ස්පින්ක්සයෙහි වයස ඊට වඩා වැඩි වන බව පෙනී ගොස් ඇත .            තනි හුනුගලින් නෙළන ලද ප්‍ර‍තිමාවක් වන මෙහි උස 65 වන අතර දිග අඩි   240 කි. “සුසානයේ දෙවියා“ යන අනුවර්ථ නාමයෙන්ද   හැදින්වෙන මෙම පිළිරුව ක්ෂිතිජයට ඉහළින් වැඩ සිටින හිරු දෙවියන් නිරූපණය කරන බවද විශ්වාසයක් පවති. ස්පින්ක්සයේ දික් අක්ෂය හරියටම නැගෙනහිර සහ බටහිර දිශාවන් ඔස්සේ දිශානතව පවතින අතර ගීසා සානුවට වැටෙන පළමු අරැනැල්ළ   වැටෙන්නේ එහි මුහුණට බව පෙනේ.1992 දි ම

චාල්ස් ඩාවින් ( charles darwin )

                              චාල්ස් ඩාවින්                                          පරිනාමවාදයේ පියා   A man who dares to waste one hour of time has not discovered the  value of life. - charles darwin               කුඩා කාලයේ පටන්ම ස්වභාවික පරිසරයේ සිදුවීම් තම සියුම් නිරීක්ෂණයට හසු කර ගත්   චාල්ස් ඩාවින් 1809 පෙබරවාරි   12   වනදා   එංගලන්තයේ දි උපත ලැබුවාය. කුඩා දරුවෙකු වයසේ පටන් ඔහු අවට පරිසරය, පක්ෂින් , කෘමින් ආදීන්ගේ සියලු හැසීරීම් රටාවන්   හොදින්   පරික්ෂා කලේය. ඒ ගැන තොරතුරු රැස් කළේය.                පරිසරයේ ඇති කුරුළු පිහටු , සිප්පි කටු වැනි දේ එක්රැස් කරමින් තම අධ්‍යයනයන් දිගටම පවත්වාගෙන ගියේය. සොබාදහම තුළ සිදුවන සමස්ත ක්‍රියාදාමය පිළිබඳව ගැඹුරින් අධ්‍යනයක යෙදුනු බැවින් අවසානයේ ස්වභාවික පරිණාමය නම් තම මතය ලොවට ප්‍ර‍කාශ කළේය.                 ඉ‍රෙමස්   ඩාවින් නම් වු ඔහුගේ වෛද්‍යවරයෙකි . සීයා කීර්තිමත් භෞතික විද්‍යඥෙයෙකි. ඒ නිසාම කුඩා ඩාවින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් විමට ඉඩ හැරිම ඩාවින්ගේ පියාට හිසරදයක් විය. පවුලේ බලාපොරොත්තුව වුයේ ඩාවින් දරුවාද වෛද්‍යවරයෙකු වනු

අල්බට් අයින්ස්ටයි ( albert einstein )

                             අල්බට් අයින්ස්ටයි                                          සුප්‍රකට විද්‍යාඥයා                                                                       1879   - 1955                  The most beautiful thing we can experience is the mysterious. It is the source of all true art  and science.       -   albert einsteint                          1879   මාර්තු   14   වනදා ජර්මනියේ උල්මි නුවර විසු හර්මන් සහ පොලින් යුවලට පුතෙකු ලැබිණි. තම පුතු නිතර ලෙඩ වීම යුදෙවි යුවලට බලවත් මානසික වෙදනාවක් වීය. ඇල්බට් නමි වූ මේ කුඩා දරුවා වැඩි වශයෙන් කාලය   ගත ක‍රේ ලෙඩ ඇඳෙහිය.          දිනක් ලෙඩ ඇඳෙහි ගත කල තම පුතුට හර්මන් විසින් අපුරු තෑග්ගක්   ගෙන ආවේය. ඒ උතුරු කටුවක් හෙවත් හෙවත්   මාලිමාවකි. මේ කුඩා දරුවා තමාට ලැබුණු තෑග්ග ඒ පැත්තට මේ පැත්තට හරවමින් පරික්ෂා කලේය. ඒත් කටුව හැරි තිබෙන්නේ උතුරු දිශාවටමය. මේ සිදුවිම කුඩා ඇල්බටිගේ සිත ශක්තිමත් කලේය. ඔහු තව තවත් කල්පනා කලේය. අහස හෝ පොළව මේ සිදුවිම කෙරෙහි යම් බලපෑමක් දක්වන බවට ඇල්බටි සැක කලේය. අයින්ස්ටයින්ට පොළව හා

Alfred nobel ( නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවර )

           Alfred bernhard nobel                     1833 - 1896             ස්වීඩනය පුරා ප්‍ර‍චලිත විද්‍යාඥයෙකු වු ඉම්මානුවෙල් නොබෙල් ට 1833 ජනවාරි 06 වනදා සුවිශේෂිදිනයක් විය . තම බිරිඳට කුළුඳුල් පුතෙකු ලැබීමේ ප්‍රිතියෙන් ඉම්මානුවෙල් ඉපිල යෑම එයට හේතුවයි. එදින උපන්  දරුවා Alfred bernhard nobel නම් විය.           තම පියා ගේ ඇවෑමෙන් විද්‍යාව  ප්‍ර‍ගුණ කොට පර්යේෂණයන්හි  නිරත වීමට Alfred  nobel ද යොමු විය. Alfred nobel ළමා කාලයේ පටන් වඩාත් හැඟුමි බර අයෙක් විය . වහා සැලෙන හදවතකින් යුතු අයෙක් විය . ක්‍ර‍මයෙන් තම පර්යේෂණ ක්‍රම‍‍වේදයන්  දියුණු කළ Alfred  nobel    “ඩයිනමයිට්“ නමි රසායනිකය ලොවට හදුන්වා දුන්නේය . ඩයිනමයිට් හදඳුන්වාදීම නිසා ලොව කීර්තියක් දිනු විද්‍යාඥයින් අතරට “Alfred bernhard nobel“  නාමයද ඇතුළත් විය. ඒ වෙනුවෙන් විශාල ආර්ථික ප්‍ර‍ථිලාබ ලැබිණ. එයින් ලද මුදල් සමිභාරය අති මහත් විය. ඩයිනමයිට් සොයා ගැනිම වෙනුවෙන් නොබෙල් මහතා  කළ කැප කිරිම මිළ කළ නොහැකි විය. එහෙත්නොයෙකුත් අන්දමින් අයතා ක්‍රියා සදහ ඩයිනමයිට් භාවිතා කරනු දුටු ඔහු තම සොයා ගැනීම ගැන පසුතැවිලි වන්නට විය .

‍ෙබඕබැබ්

                  බෙඕබැබ් ~ if you truly love nature , you will find beauty everywhere ~                                             -van gogh           දිගු වියළි සෘතු පවතින ප්‍රදේශ වල වැඩෙන මෙම ශාකය ජලය ගබඩා කර තැබිම සඳහ දක්වන හැඩ ගැසිම් ඉතාම චිත්තාකර්ෂණීයයි. බටහිර අප්‍රිකාවේ  සෙනගල් රටේ වැඩෙන බෙඕබැබ්  ගස මිටර් නවයක් දක්වා  වු උපරිම විශ්කම්භයකිනුත්, මිටර් 18ක් දක්වා වු උපරිම  උසකිනුත් යුත් කඳක් සහිත මෙම ගස වැසි සමයෙදි  මෙහි මෘදු සුදු තන්තුමය කඳ තුළ  ජලය  ලීටර්  100000 ක් පමණ පුරවා ගබඩා කර තබා ගනියි. මාස 6ක් පමණ දිගු නියං සමය ගෙවා ගන්නට  එම ජලය ප්‍රයොජනවත් -වේ.  කඳේ ඉහළ කෙළවරින් පැතිරෙන්නේ ඇඹරි ගිය අතු සමුහයකි. ඒවා නියං සමයෙ දි තම පත්‍ර‍ හළා වැසි සමයෙ දි  නැවත වර්ධනය කර ගනි. එහෙත් පත්‍ර‍ නැවත වර්ධනය  වීමට පෙර මල් හට ගන්නට පටන් ගනි . මල් පිපෙන්නේ රාත්‍රියේ  දී ය .  එවා  විශාල සහ සුදුපැහැයක් ගනි. බෙඕබැබ්  ශාකය ඉතා ප්‍රයොජනවත්ය . ආදි කාලීන මිනිසුන් මෙම ශාකයේ කඳෙහි පිරී ඇති ජලයෙන් තම පිපාසය නිවාගෙන ඇති අතර විටමින් සී වවලින් අනූනයි. පත්‍ර‍ රසැතති එළවළුවකි ඒ පමණක් නොව ක