අශ්වයා horse Scientific name : Equus caballus පැයයට කිලො මිටර් 60 වඩා වේගයකින් දිව යා හැකි සතෙකු වු අශ්වයාගේ පාද දිගය , සිහින්ය . එහෙත් ඉතා ශක්තිමත්ය. ගෙලෙහි උඩු පැත්තේ දිග ලෝම තීරුවක් ඇත. දිගු රෝමවලින් පිරි වලිගයක් ඇත. අවුරුදු 25 -30 අතර ජිවිත කාලයක් හිමි මෙම සත්වයා උතුරු ඇමරිකාවේ ජනිත වි පසුව ආසියාව, යුරෝපය හා අප්‍රිකාව යන මහාද්වීපය වලට පැතිර ගිය සතෙකි. අතිතයේ සිට ලොව බොහෝ රටවල අශ්වයන් හීලෑ කොට පිටේ යාම ආදි නොයෙක් මෙහෙවර සදහා යොදා ගනු ලැබේ . එහෙත් තවමත් වනගතව වසනඅශ්ව වර්ග රාශියක් සිටිති. ශාක භක්ෂකයෙකු වන අශ්වයා තණකොළ ,ශාකවල පත්‍රහා දලු ,පිදුරු හා ධාන්‍ය වර්ග ආහාර සේ ගනි . ගැහැනු සතා වරකට එක පැටවකු ප්‍රසූත කරයි . මෙම සත්වයා කිරි බී වැඩේ . එමෙන්ම හොදින් වැඩුනු අශ්වයෙකු බිම සිට හාස දක්වා උස සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ වේ. එමෙන්ම වැඩුනු අශ්වයෙකු කිලෝ ග්‍රෑම් 380 - 1000 ත් අතර වේ. පොනින් නමින් හදුන්වනු ලබන ක ප්‍රමාණයෙන් කුඩා අශ්ව ව්ගයක්ද සිටිති. අශ්ව සහ පොනින් වර්ග 350 කටත් අදික ප්‍රමාණයක් ලොව තුල ජිවත් වේ.....
Comments
Post a Comment