Skip to main content

Posts

Showing posts from February, 2016

දිය බල්ලා (OTTER)

        දිය බල්ලා                  OTTER වැඩි පුරම ජලයේ ගැවසෙන මුත් දිය ගොඩ දෙකෙහිම  වාසය කල හැකි දිය බල්ලා ඕස්ට්‍රේලියාවේ පමණක් දක්නට නැති වුවද අනෙක් බොහො රටවල ගංගා කලපු ආශ්‍රිතව ජිවත් වේ. මෙම සත්ත්වයා සිව්පාවෙකු වුවද පසුපාද හා වලිගය උපකාර කරගෙන සිරුර කෙළින් කර සිට ගත හැකිය.  මෙම සත්ත්වයාගේ හිස උල්ය , කට දෙපැත්තේ රළු රැවුල් ගස් ඇත. ශක්තිමත් නියපොතු , අත් හා පාදවල පිහිටා ඇත . කන්දෙක කුඩා මෙන්ම රවුම්ය. නාසය වලසකුගේ මෙනි. දිය බල්ලා ගේ ආහාරය වන්නේ මාළුන් , කකුළුවන් හා ගෙම්බන් ආදි සතුන් .මෙම සත්ත්වයා නිවහන ලෙස දිය යට ගුහවක් සදා ගනි.....

මොකද්ද මේ දිය ඇල්ලක් කියන්නේ ?.......

                      මොකද්ද මේ දිය ඇල්ලක් කියන්නේ ?.......  උස් ස්ථානයක සිට පහළට නොකඩවා ඇද හැලෙන ජල ධාරවකින් දිය ඇල්ලක්  නිර්මාණය වෙනවා. ඒ නිසා ජල ධාරාවක ක්‍රියාකාරීත්වයෙන් සෑදෙන භූ විද්‍යාත්මක නිර්මාණයක් ලෙස දිය ඇල්ලක් හැදින්විය හැකියි. සාමාන්‍ය ලෙස ගලා යන දිය පහරක් ඛාදනය වීමෙන් හෝ කැඩී යාමෙන් වෙන් වූ පාෂාණ කොටසකින් එක් විටම පහළට ඇද වැටීමෙන් දිය ඇල්ලක් නිර්මාණය වේ. දිය ඇල්ලක් ඉහළ සිට පහළට ඇද හැලෙන ආකාරය අනුව එහි අලංකාර බව වෙනස් වේ. දිය ඇල්ලක් නිතරම දැඩි පාෂාණ පිහිටි ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වේ. එමෙන්ම  දීර්ඝ කාලයක් ඛාදනය වීම හේතුවෙන් එම පාෂාණය ගෙවි යාමෙන් ජල ධාරාව  ඒ තුළින් පහලට  කඩා හැලේ.    එවිට හමුවන මෘදු පාෂාණ ස්ථරයද ඛාදනය කරමින් එම ජල දහරාව තවත් පහළට කඩා හැලෙන අතර ඒ ආකාරයට  දිය ඇල්ලක උපත සිදු වේ. පහළට ඇදවැටෙන ජල දහරාවට අතර මගදි තවත් දැඩි පාෂාණ හමු වූ විට ඉහළින් වැටෙන ජල පහර ඒ මතට  වැටීඉන් පසුව පහළට ඇද හැලේ.කොටස් ගණනකින් යුත් අලංකාර දිය ඇල් නිර්මාණය වන්නේ ඒ ආකාරයටයි.   

bison

                                        බයිසන්                      B ison   උතුරැ ඇමරිකාවේ සහ ස්පාඤ්ඤය ආදි යුරෝපීය රටවල තණබිම් වල සහ ලදු බිම් වල වාසය කරන බයිසන් ගවයා තණකොළ හා පදුරුවල කොළ, දළු, මුල් හා පොතු ආහාරයට ගනි.  මවිකුසින් බිහිව කිරි බී  වැඩෙන මෙම සත්වයා ඇමරිකවේ සහ යුරෝපිය රටවල අභය භූමිවල ආරක්ෂිත සතුන් සේ ජීවත් වෙති.   හොදින් වැඩුනු බයිසන් ගවයෙක් කිලෝ ග්‍රෑම් 1600 පමණ වන අතර උස මීටර් 2.5 සහ දිග මීටර් 4.6 වන මෙම සත්වයා බුද්ධිමත් ගණයට අයත් සත්වයෙක් ලෙස හදුන්වයි. Wikipedia    එක කියන්නේ බයිසන් සත්වයා හොද පිහිනන්නෙක් කියලයි . කොහොම උනත් වැඩුණු බයිසන් සත්ව‍යෙකුගේ ගෙල ප්‍රදේශයේ සහ පිටේ ඉදිරි කොටසේ ඝණ ලොම් කැටි ඇත . තියුණු අං යුවලක්ද  තිබේ.  

අශ්වයා ( Horse )

           අශ්වයා             horse Scientific name : Equus caballus පැයයට කිලො මිටර් 60 වඩා වේගයකින් දිව යා හැකි  සතෙකු වු අශ්වයාගේ පාද දිගය , සිහින්ය . එහෙත් ඉතා ශක්තිමත්ය. ගෙලෙහි උඩු පැත්තේ දිග ලෝම තීරුවක් ඇත. දිගු රෝමවලින් පිරි වලිගයක් ඇත.  අවුරුදු 25 -30 අතර ජිවිත කාලයක් හිමි මෙම සත්වයා උතුරු ඇමරිකාවේ ජනිත වි පසුව ආසියාව, යුරෝපය හා  අප්‍රිකාව යන මහාද්වීපය වලට පැතිර ගිය සතෙකි. අතිතයේ සිට ලොව බොහෝ රටවල අශ්වයන් හීලෑ කොට  පිටේ යාම  ආදි නොයෙක්  මෙහෙවර සදහා යොදා ගනු ලැබේ . එහෙත් තවමත් වනගතව  වසනඅශ්ව වර්ග රාශියක් සිටිති. ශාක භක්ෂකයෙකු වන අශ්වයා තණකොළ ,ශාකවල පත්‍ර‍හා දලු ,පිදුරු හා ධාන්‍ය වර්ග  ආහාර සේ ගනි . ගැහැනු සතා වරකට එක පැටවකු ප්‍ර‍සූත කරයි . මෙම සත්වයා කිරි බී වැඩේ . එමෙන්ම හොදින් වැඩුනු අශ්වයෙකු බිම සිට හාස දක්වා උස සාමාන්‍යයෙන් මීටර් 2ක් පමණ වේ. එමෙන්ම වැඩුනු අශ්වයෙකු කිලෝ ග්‍රෑම් 380 - 1000 ත් අතර වේ. පොනින් නමින් හදුන්වනු ලබන ක ප්‍ර‍මාණයෙන් කුඩා  අශ්ව ව්ගයක්ද සිටිති.   අශ්ව සහ පොනින් වර්ග 350 කටත් අදික ප්‍ර‍මාණයක්  ලොව තුල ජිවත් වේ.....